පුවත් අංගය

අපගේ පුන්‍ය පුවත් අංගයෙහි වැඩිදුර තොරතුරු

බ‍්‍රහ්ම විහාරයෙන් නිවන් දකිමු.

ලො ව්තුරා බුදුන් වහන්සේ ඇතුළු අරිහතුන් වහන්සේලා ඉහාත්ම සුඛ විහරණය සඳහා වාසය කරන විදිහක් තියෙනවා. එ් කියන්නෙ පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේලා සුවයෙන් වාසය කරන විදිහ. විහාරය කියන්නෙ වාසය කරන විදිහ. විහාර තුනකින් උන්වහන්සේලා වාසය කරනවා. එ් තමයි දිව්‍ය විහාරය, බ‍්‍රහ්ම විහාරය සහ අරිය විහාරය. මේ ක‍්‍රම තුනෙන් එකකින් තමයි උන්වහන්සේලා වාසය කරන්නෙ.

දිව්‍ය විහාරය කියල කිව්වෙ දැහැන් සුවයෙන් වාසය කිරීම. පළමු දැහැන, දෙවන දැහැන, තුන්වෙනි දැහැන සහ හතරවෙනි දැහැන කියන දැහැන් හතරෙන් එකකට සමවැදිල වාසය කිරීම. ලොව්තුරා බුදුන් වහන්සේ ලෝකයට පහල වෙන්න කලිනුත් ලෞකික දැහැන් ලාභීන් හිටියා. ඒ අයත් ලෞකික වශයෙන් මේ විහාරයේ වාසය කළා. නමුත් මෙතනදි කතා කරන්නෙ ආර්ය දැහැන් වඩපු උතුමන් ගැන. ඒ කියන්නෙ සෝවාන්, සකදාගාමි, අනාගාමි සහ අරිහත් උතුමන් වඩන දැහැන්. උන්වහන්සේලා ඉහාත්ම සුඛ විහරණය සඳහා මේ දැහැන්වලට සමවැදිල ඉන්නවා. අරිහතුන් වහන්සේලා හැර ඊට පහලින් ඉන්න උතුමන් මාර්ගය වඩා ගන්න පහසුවක් විදිහට මේ දැහැන්වල ඉඳන් විදර්ශනා කරනවා.

අනෙක් ක‍්‍රමය තමයි අරිය විහාරය. එ් කියන්නෙ තමන් විසින් ලබපු මාර්ග

ඵලයේ සුවය විඳිමින් ඉන්නවා. අරිහතුන් වහන්සේ අරිහත් ඵල සමාධියෙන් ඉන්නවා. ලොව්තුරා බුද්ධ සාසනයක මාර්ගඵලයක් ලබපු උතුමෙකුට විතරයි මේ ඵල සමාධියෙන් ඉන්න පුළුවන්. මාර්ගය වඩපු අය සුවසේ ඉන්නත්, මාර්ගය වඩන අය ඉදිරි මාර්ගය වඩාගන්නත් මේ ඵල සමාධියෙන් ඉන්නවා.

ඊළඟ ක‍්‍රමය තමයි බ‍්‍රහ්ම විහාරය. මේ ක‍්‍රමය තුලදි සතර බ‍්‍රහ්ම විහරණයෙන්, එහෙම නැත්නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ක‍්‍රම හතරින් වාසය කරනවා. ලොව්තුරා බුදුන් වහන්සේ ඇතුළු සියලූ අරිහතුන් වහන්සේලා මේ ක‍්‍රමයටත් වාසය කරල තියෙනවා. මේ ක‍්‍රමයත් ලෝකෝත්තර, ලෞකික වශයෙන් ක‍්‍රම දෙකක් තියෙනවා. නමුත් ලෝකෝත්තර ක‍්‍රමය ලොව්තුරා බුදුන් වහන්සේ නමකගෙන් හෝ උන්වහන්සේගෙන් අසා දැනගත් ශ‍්‍රාවකයන් වහන්සේ නමකගෙන් හැර අහගන්න වෙන කෙනෙක් නෑ. මේ විහරණය තුල සප්ත බොජ්ජංග ධර්ම වැඩිල නිවන් මාර්ගය වැඩෙනවා.

මෙත්තාව කියන්නෙ මෛත‍්‍රිය. නියම මෙත්තාව දන්නෙ ආර්යෙක් විතරයි. කෙනෙකුට සෙතක් පතනව නම් ඒ සෙත සදහටම විය යුතුයි. ඒ සෙත මගදි කැඩිල බිඳිල යනව නම්, නැවත දුකකට පමුණුවනව නම්, ඒක ලෝකෝත්තර සෙතක් නෙවෙයි. අඩුම තරමෙ සෝවාන් මාර්ග අනුගාමිකයෙක්ගෙන් හෝ සෝවාන් මාර්ගඵල ලාභියෙකුගේ පටන් ඉහල ඉන්න උතුමෙකුට විතරයි එහෙම සෙතක් කරන්න පුළුවන්. ලෝකයට ඒ ජාතියේ සෙතක් පතනව නම්, තමන්ට ඒ සෙත ගැන තේරුමක් හෝ හැඟීමක් තියෙන්න ඕන. ඒ වගේම සෙත් පතන්නෙ සියල්ලන්ටම. එ් කියන්නෙ සියලූ ලෝක සත්ත්වයින්ටම. පෙරදිග වසන සත්ත්වයෝද, පෙර අනු දිග වසන සත්ත්වයෝද, දකුණු දිග වසන සත්ත්වයෝද, දකුණු අනු දිග වසන සත්ත්වයෝද, පසු දිග වසන සත්ත්වයෝද, පසු අනු දිග වසන සත්ත්වයෝද, උතුරු දිග වසන සත්ත්වයෝද, උතුරු අනු දිග වසන සත්ත්වයෝද, උඩ දිග වසන සත්ත්වයෝද, යට දිග වසන සත්ත්වයෝද... ආදී වශයෙන් දස දිසාවෙම ඉන්න සියලූ සත්ත්වයින්ට එක සමානව සෙත් පතනවා. කිසිම සත්ත්වයෙක් අයින් කරන්නෙ නෑ.

ලිපු‍ය තවදුරතත් කියවීම සඳහා එය බාගත කරගන්න
 https://waharaka.com/data/hela_bodu_piyuma/volumes/79.pdf#page=11